මේක බුකියෙ තිබිලා හම්බ උනේ. හැමෝම ඉතින් අනාවැකියට කියන එක තමන්ගෙ ස්ටේටස් එක විදියට දානවා. කව්රුවත් ඕක කියවන්නෙ නෑ වැඩිය. ඒත් මට GeekLK එකේ අනාවැකිය වටිනවා. අමතක නොවෙන්න හැමදාටම තියා ගන්න ඕනි නිසා බ්ලොග් එකේ දාන්න හිතුනා..
ඔයාලටත් තම තමන්ගෙ අනාවැකිය බලා ගන්න පුළුවන් මෙන්න ලින්ක් එක
ආයුබෝවන්!මම අනික් අයගෙ විස්තර නම් හරිද කියන්න දන්නෙ නෑ. ඒත මගේ ගැන කියපු ඒව නම් සේරම ඇත්ත කියල කියන්න පුළුවන්. මේක පිටිපස්සෙ ඇත්තෙ මොකක් හරි ගණිතමය සංකල්පයක්. ඒත් කතාව නම් ඇත්ත කියල තමයි මට කියන්න තියෙන්නේ..
උදාර පත්මින්ද ඩයස් කරුණාරත්න
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී. ඒ වගේම ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.
ඔබගේ වාසනාවන්ත වර්ණය : දුඹුරු
ඔබගේ වාසනාවන්ත අංකය : 17
ඔයාලටත් තම තමන්ගෙ අනාවැකිය බලා ගන්න පුළුවන් මෙන්න ලින්ක් එක
http://www.geek.lk/plugin/page/mylife?n&d=2&m=9&x=234987293847029580295