Pages

Subscribe:

Saturday, 5 October 2013

දැන් ඔහොම පිස්සු නැටුව ඇති මචෝ...!



˝මචං මට උඹේ පරණ යාළුවෙක් ගෙන් කෝල් එකක් ආවා˝... කසුන් වෙතට පැමිණි මම ඒ බව කියන්නට විය. මචං කසුන් උඹේ සදාදරණීය ප්‍රේමවන්තිය පියුමි කෝල් කරල ඇහුව උඹට දැන් කොහොමද හොදින් ඉන්නවද කියලා. මම ඉතින් කිව්ව උඹ ශේප් එක් ජීවිතේ ගැට ගහන් යනව මේ දවස් වල පොඩ්ඩක් එක්සෑම් එකට පාඩම් කරනව කියලා. මේ ගැන කියා කට ගන්නටවත් වෙලාවක් නැති තරම්ය කසුනාගේ මූණ පුරා කදුළු බේරෙන්නට විය. මම පියුමිට කීවේ බොරුවකි. කසුනා දැන් මාස ගානක ඉදල හරියට පොතක් අතින් අල්ලන්නේ නැත. උදේ ඉදන් හවස් වෙනකම් සිගරට් කොට උරමින් පුළුවන් හැම වෙලාවකම අරක්කු බිබී නිකරුනේ ජීවිතය නාස්ති කර ගන්න හදයි. ˝මොනව උනත් මූ සිරාවටම මේ කෙල්ලට Love කරලා˝ මම මටම කියාගන්නට විය.


˝මචං මම ඒකිට සිරාවටම Love කරා බන්...ඒකි මාත් එක්ක යාළුවෙලා ඉන්නෙ නමට කියල දැන දැන්ත් මම ඒකිය සිරාවටම Love කරා බන්..මම කෙල්ල හැරෙනකොට දැන ගත්ත මට වෙන්න යන දේ. ඒත් මම එයාගේ ලස්සන කතා වලට රැවටුනා බන්..එයා මාත් එක්ක කතා කරනකොට කියන දේවල් වලට..අපි දෙන්න මවපු හීන ලෝකෙක මම තනියම අතරමං උනා..කවද හරි හැදෙයි කිය කිය මමත් මගේ හිත රවට්ට ගත්ත බන්.. ඒකිව විශ්වාස කරපු එක තමා බන් හරහට හිටියේ...˝ කදුළු වැගිරෙන දෑසින් කසුනා මට කියන්නට විය. මේක දැකපු අනික් ඇවුන් කසුනා වටේ set වී  ˝ මචං  මොකද සීන් එක කිය කිය අසයි˝. සාමාන්‍යයෙන් කොල්ලෙක් ප්‍රසිද්ධියේ අඩන්නේ ඉතා දැඩිව අසරණ වූ විටය. ඒක නිසා මම අනික්  උන් ටික ශේප් කරන්නට විය. ˝මචංන්ලා කසුනගෙ කෑල්ලගෙ පොඩි සීන් එකක් උඹලට පස්සෙ කියන්නම දැන් මූට පොඩ්ඩක් තනියම ඉන්න දීපන්˝ යැයි පවසමින් අනික් උන් ටික යවන්නට Try කලේය.


අනික් ඇවුන් ගිය පසු මම නැවත කසුන්ව සනසන්නට විය.˝මචං ඕව ගනං ගන්න එපා බන්..මම දන්නව උඔ පියුමිට සිරාවටම Love කරා කියල බන්..එත් අපි හැමෝම දැනගෙන හිටියා ඒකි උඹට ඔය ටික කරනව කියල බන්..මම උඹට කිව්වෙ කරන දෙයක් පරිස්සමින් කරපන් කියලා..දැන් මම කියන්නෙ බන් උඹ ඕක අමතක කරල දාපන්..එක්සෑම් එකට මාසයක්වත් නෑනෙ බන්..ඔය කෙල්ලව අමතක කරලා බොන එක පැත්තකින් තියල යමං පාඩම් කරන්න..උඹට බැරි ඒව කියල දෙන්න හොද කුප්පි ටිකක් සෙට් කරල දෙන්නම්..ඊට පස්සෙ මමත් එන්නම උඹ කියන දෙයක් කරන්න.. දැන් ඔහොම පිස්සු නැටුව ඇති මචෝ..˝  මම කසුන්ගෙ Moral අප් කරන්නට විය.  නමුත් ඉන් පලක් නොවන බව මම හොදටම දැනගෙන තිබුනි. එත් යාළුවෙක් විදියට කල යුත්තේ එය යැයි මට වැටහිනි. නමුත් දැන් පෙරහැර ගොස් අවසානය. කසුනාගේ ජීවිතය ආයෙත් හදන්න පුළුවන් පියුමිට සමාන කෙල්ලක්ට විතරයි. මට එය වැටහී ගොස් ඇත. නමුත් ඒවා හරියන වැඩ නොවන බව මම දනී.

˝මචං මට පියුමිට කොල් එකක් අරන් දියන්. මට අහන්න ඕනේ ඇයි මාව දාල ගියා නම් ඇයි තාම මං ගැන හොයන්නෙ කියලා..උඹ දන්නවනේ බන් ඕව මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා..පියුමි හැමදාම මගෙන් ඇහුවෙ එයා දාල ගියොත් මම මොනවද කරන්නෙ කියලා..මම එතකොට කිව්වේ දාල ගිහිල්ලම බලන්න කියලා...සමහර විට ඒක වෙන්න ඇති බන් කෝල කරල අහන්නේ..˝ කසුනා නැවතත් සෝක Mode ON කරගනිමින් කතා කරන්නට විය.

˝අනේ මේ කසුනො පිස්සු කියවන්නෙ නැතුව හිටපන්..පියුමි දැන් ඉන්න කොල්ල එක්ක සතුටෙන් වෙන්න ඇති බන් ඉන්නේ..උඹ ඒකිට ඇත්තමට ආදරේ නම් ඒකිගෙ සතුට වෙනුවෙන් කතා නොකර හිටපන්..මම දන්නව උඹ එකිට තාම ආදරේ කරන ගතිගුණ ඒකි ගාව තියනව කියලා..ඒත් පියුමි කියන කෙල්ලට උඹව විහිළුවක් වෙලා ඉවරයි බන්..˝ පවසමින් මම කසුනා සමග බෝඩිමට එන්නට සැරසුනි.


˝ඒ බන් මට පොඩි උදව්වක් කරපන් මට කට් උන Lectures  ටික ගොඩ දාල දියන්..මම කොහොම හරි හොද ජොබ් එකක් ගන්න වැඩ ටික කරොත් මට පියුමිට හොද උත්තරයක් දෙන්න පුළුවන්..නැතුව වැඩක් නෑ බන්.. මට දැන් අද ඒක හොදට තේරුනා. තව එක්ක මාත් එක්ක එක සිගරට් එකක් බොන්න යමං˝

˝අඩෝ බොක්කෙන්ම උඹට තේරිලා නම් එළකිරි..එකෙන්ම මම උඹව ගොඩ දාල දෙන්නම්..අනිත් එක මචං තව දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ආස නම් ඔය සිගරට් එකත් නොබී බෝඩිමට යමං. කෙල්ලෙක් ගැන නෙමෙයි උඹේ ජීවිතේ ගැන හිතපන්..කෙල්ලව නම් කවුරු හරි මිනිහෙක් කැනදගෙන යාවී..ඒත් අපිට හොද රස්සාවක් නැතුව පාරෙ වේලි වේලි ඉන්න වෙන්නේ..˝ යැයි පවසමින් කසුනා සමග මම බෝඩිම බලා පිටත් වුණි.

(මෙහි නම් සියල්ල මනංකල්පිතය)