බානු අපි අද මීට්වෙමු.මට ඔයාගෙන් අහන්න වැදගත් දෙයක් තියනවා.හොදයි සහන් මම ගෙදරට කැම්පස් එකට එනව කියල එන්නම්.
(දුරකතනය විසන්ධි විය)
කැම්පස් එකේ
නිවාඩු කාලෙ නිසා ගෙදරට වෙලා සිටින්නට හැර වෙන දෙයක් කිරීමට නොහැකි විය.නිතර ඇද
හැලෙන තද වැස්ස නිසා නිදිමත තරම් වෙන කිසිදු සැපක්ද නොවීය.ඒත් හොදම යාළුවෙක් කියූ
දෙයක් නිසා මාගේ සිත බිදී ගොස් තිබිනි.වෙන කිරීමට දෙයක් නැත.මම මේ ගැන බානුගෙන්ම
ඇසිය යුතුයැයි සිත කියන්නට විය.
ඇයි ඔයා මට වෙන බෝයි කෙනෙක් ඉන්නව කියල කලින් කිව්වෙ නැත්තේ.එහෙම කෙනෙක් ඉදලත් ඇයි ඔයා මට කැමතියි කිව්වෙ බානු ?...ඇයි කියල විතරක් මට කියන්න.මට අඩුම ගානේ එක දැන ගන්න වත් අයිතියක් නැද්ද කියන්න.මම ඔයාට කවදාවත් බොරු කරේ නෑ බානු.කවදාවත්ම නෑ.මගේ ඇස් දෙක දිහා බලන් මට කියන්න ඔයා ඇයි මට වෙන බෝයි කෙනෙක් ඉදලත් කැමතියි කිව්වේ.
අප දෙදෙනා අතර
දැඩි නිහැඩියාවකි. බානුගේ දෑසින් කුඩා කදුලු කැට එකිනෙක වැටෙනු මට පෙනේ.නමුත් මට
දැන් සත්‍ය වැටහී හමාරය.බානු මට බොරු කර ඇති බව නම් පැහැදිලිය. මෙසේ හඩමින් බානු
කතාව පටන් ගන්නට විය.
මට ඔයාට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ සහන්.මම ඔයාට තමයි ආදරේ.එයා මගේ ජීවිතේ පාලනය කරන්න එනව සහන්.මම ඒකට චුට්ටක් වත් කැමත් නෑ සහන්.චුට්ටක් වත් කැමති නෑ.එයා ඒ පාලනය කරන්නෙ මගේ නිදහස.මමත් ආසයි අනික් අය වගේ නිදහසේ සතුටින් ඉන්න.ඒත් එයා මට අරය එක්ක කතා කරන්න එපා අරක කරන්න එපා කිය කිය සීමා දානකොට මම කොහොමද සහන් එයාට ආදරේ කරන්නේ.මට දැන් ඕනෙ මේ සේරම වලින් අයින් වෙලා තනියම ඉන්න.ඒත මම ඔයාට හැමදාටම ආදරෙයි සහන්.ඔයා එයා වගේ නෙමෙයි.ඔයා මගේ නිදහසට ගරු කරනවා.මාව තේරුම් අරන් ඉන්නේ.
මටත් ඔයාට කියන්න තියෙන්නෙ ඔයා මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරා කියල විතරයි. අනික ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්න ගමන් තමයි මගේ ගාවට ආවේ.මම ඒකට කැමති නෑ බානු.මම චුට්ටකවත් කැමති නෑ අනුනගෙ දෙයක් බලෙන් උදුර ගන්න.ඔයා ආයෙත් එයා ලගට යන්න බානු.ඔයා මට අයිති නෑ. ඔයා එයා එක්ක සතුටින් ඉන්න.එයාට එයාගෙ වැරදි පෙන්නල දෙන්න.දැන දැන වැරදි කරන්න එපා. ඔයාට වරදින එකක් නෑ බානු.
වෙනත් දෙයක්
කීමට තරම් මගේ සිත ශක්තිමත් නොවීය.මම අවංකව ආදරය කල මම මගේ පණ මෙන් සැලකූ කෙනා මට
ද්‍රෝහිවී ඇත. ඇගේ අතේ වරදක් තිබේද නැද්ද යන්න මට කිව නොහැකිය.නමුත් ඇය මට අයිති
නොවන බව මට හොදින් වැටහී ඇත.වෙන කිරීමට දෙයක් නැත.තවත් මෙතන ඉද ද පලක් නැත.
මම යනව බානු.
ඔයාට බුදු සරණයි !.