Pages

Subscribe:

Saturday, 11 May 2013

ඔයා කවුද ?. ඔයා මාව දන්නව ද? (පලමු කොටස)

(මුලින්ම කියන්න ඕන මේක නිකන් ගොතපු කතාවක්. නම් ගම් සේරම මනංකල්පිත ඒවා.
මෙලෝ රහක් නැති එකක් වගේ.අනේ මන්ද මම ලියපු පලවෙනි කතාවනේ. තවත් බොලද ආදර කතාවකි.කාගෙ කතාවද කියල අහන්න එපා...!)

වෙසක් සිසිලස පරිසරය පුරා පැතිරෙන්නට පටන්ගෙන තිබුනි.දැඩි අව් රශ්මිය වෙනුවට විටින් විට මද වැසි ඇද හැලුනි.
බෝඩිං ජීවිතයෙන් වෙන්වී ලැබුනු දිගු නිවාඩු කාලය සුවසේ ගත කිරීමට සිතා මම කොටුව දුම්රිය ස්ථානයට ඇදෙන්නට විය.
දුම්රිය පැමිණීමට තව පැයකට වඩා ගතවේ.නමුත් මටත් මගේ යාළුවාටත් කාලය ගෙවා දැමීමට ක්‍රමයක් නැත.යාළුවාගේ මගේ
බොක්කෙ ෆිට් එකකි. එකපාරටම අරූ කතාව පටන් ගන්නට මුල පිරීය.


හිරුණ : මචං නිපුන උඹට දැන් අර උඹේ පරන ලව් එක       මැසේජ් කරන්නෙ නැද්ද? යාළුවා කතාවට මුල පුරන්නට විය
නිපුන : නෑ බන් චානි මට අවුරුද්දට විෂ් එකක් දාල තිබ්බා ඔන්න මාස ගානකින්.
හිරුණ : සිරාවට උඹ මෙහේ ආපු කාලේ උඹත් එක්ක නිතරම කතා කරානේ...මොකද එක පාරටම කෙල්ල වෙනස් උනේ
නිපුන : අනේ මන්ද බන්..කෙලේලො මේ හොදට ඉන්නවා ටිකකින් වෙනස් වෙනවා මට නම් හිතා ගන්න බෑ..!
හිරුණ : ඕව ඔහොම තමයි බන් මේ මම වගේ එක කෙල්ලෙක් වත් ගැන හිතන්නෙ නැතුව හිටපන්...
කාරණය නම් සැබෑය පොර කිසි දිනයක මා සමග කෙල්ලෙක් ගැන කතා කර නැත. මූට ජීවිතේ හොදට තේරෙනවද කොහෙද...මම මටම කියා ගන්නට විය. නමුත් මගේ සිත දැඩි ලෙස දුක් වන්නට විය.
අපරාදෙ බන් මම අවුරුදු ගානක් හිතෙන් ට්‍රයි කරලත් මම මගේ හිතේ තියන එක චානිට කියා ගන්න බැරි උනා බන්. මොහොතක් නිහඩව සිටි මම නැවත කතාව ආරම්භ කලේය.
නැවතත් අප අතර දැඩි නිහඩ බවකි.දෙදෙනාට දෙදෙනා මුකුත් කතා කලේ නැත.නමුත් මම සිතින් දැඩි ලෙස කම්පා වීමට පටන් ගත්තේය.කුඩා උල්පතකින් විශාල ගංගාවක් ගලන පරිද්දෙන් ඇගේ මතකයන් මාගේ සිත තුලට ගලා එන්නට විය.
මට චානි ගැන මුල්ම මතකය අවදි වන්නේ අප පොඩි කාලේදි ටියුෂන් පන්ති වලදී නිතර දැකීමය. නිතර නිතර අපි එක පන්ති වලට ආව නිසා පොඩි දැන ඇදිර  ගැනීමක් තිබුනි.
ඒත් කිසි දිනක අප කතා කර තිබුනේ නැත.කාලට ටික ටික ගෙවී යන්නට විය.අපද වයසින් මෝරන්නට විය.ඒත් කිසි දිනක චානිත් මාත් කාතා කර තිබුනේ නැත.අපි එකට
මුන ගැහුන විට කරන්නේ සිනාසී අහක බලා ගැනීම පමණි.දැන් නම් ඉවසුවා හොදටම ඇතිය.මම කොහොම හරි චානි සමග කතා කල යුතුය.මගේ සිත තුල මෙවන් සිතුවිලි
පියාඹන්නට විය.නමුත් කරන්නට කිසිම දෙයක් නැත.කට කොතරම් දෙඩෙව්වත් සිත එතරම් එඩිතර නැත.මන්ද සිතේ ඇති අදහස පැවසීමට නොව පැවසීමෙන් පසුව ඇතිවන
ප්‍රතිඵලය භයංකාර නිසාවෙනි.දිනය නම් නිච්චි නැත.නමුත් මා O/L ලියා ගෙදර ඉන්නා අවධියේය.ඕන රෙද්දක් කියා චානිගේ ගෙදර ටෙලිෆෝන් එකට ඇමතුමක් ගන්නට විය.

“හලෝ චානි ඉන්නවද?“ තරමක් සියුම් කටහඩකින් මා ඇසුවේය.
ඔව්, චානි තමයි කතා කරන්නේ. (මේක නම් පුදුමයකි.දෙවියො වරමක් දුන්නා සමානය)
ආහ් චානි මම මේ නිපුන කතා කරන්නේ.
ආහ් නිපුන. ඉතින් කොහොමද? (කෙල්ල කතා කරන්න කිසිම බියක් නැත.)
මම හොදින් චානි. ඔයා A/L වලට මොනවද කරන්නේ? (අසන්නට දෙයක් නැතුව මෙන් මම ඇගෙන් ඇසුවේය.)
මම Commerce කරන්නෙ නිපුන.ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ. (මේක නම් ආශ්චර්යයකි.මමද Commerce කිරීමට බලාගෙන සිටි අයෙකි.)
නියමයි නේ.මමත් Commerce. ඔයා ක්ලාස් යන්නෙ කොහේද?
මම තාම එක කලාස් එකටයි ගියේ නිපුන.යන්න ඕනේ, තාම ෂුවර් නෑ.
මමත් තාම හරියට කලාස් වලට ගියේ නෑ.බලමුකෝ තව කල් තියෙනව නේ.
“දෝනී කවුද කතා කරන්නේ...“ ඒ නම් චානිගේ අම්මා විය යුතුය.
කතා කරපු පලවෙනි දවසෙම ගෙදරට අහු වේවිද? මගේ සිත හොල්මන් කරන්නට විය. අහු උනොත් නම් ඉදල හමාරය.
චානිගේ තාත්තා මතක් වෙනකොටත් බය සිතේ.
නමුත් හදිසියේම මගේ මතකයට බාධාවක් එල්ල විය.
“මචං නිපුනයෝ අන්න කොච්චිය එනව කිව්වෙ අනිත් platform එකට.තෝ මොනවද කල්පනා කරන්නෙ ඔය ෆොන් එක දිහා බලන්.“
හිරුණයා බෙරිහන් දෙන්නට විය. කාරණය සැබෑය මම කල්පනා සාගරයේ ගිලී සිට ඇත.
චානිගේ මතකය මොහොතකට නැති විය.මිනිස්සු සමග හැප්පෙමින් අනෙක් වේදිකාවේ නතර කල දුම්රියට ගොඩවීමට මම හිරුණ සමග ගියේය.
තවත් චානි ගැන හිත හිතා හිටියොත් මට ඈ අහිමි වූවාසේම අද ගෙදර යෑමටද නොහැකි වනවා නිසැකය.

ඉතිරි කොටස පසුවට ලියමි.......!