Pages

Subscribe:

Monday, 11 November 2013

පොඩ්ඩා ගැන GeekLK සාත්තරේ

මේක බුකියෙ තිබිලා හම්බ උනේ. හැමෝම ඉතින් අනාවැකියට කියන එක තමන්ගෙ ස්ටේටස් එක විදියට දානවා. කව්රුවත් ඕක කියවන්නෙ නෑ වැඩිය. ඒත් මට GeekLK එකේ අනාවැකිය වටිනවා. අමතක නොවෙන්න හැමදාටම තියා ගන්න ඕනි නිසා බ්ලොග් එකේ දාන්න හිතුනා..


ආයුබෝවන්!
උදාර පත්මින්ද ඩයස් කරුණාරත්න

හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී. ඒ වගේම ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

ඔබගේ වාසනාවන්ත වර්ණය : දුඹුරු
ඔබගේ වාසනාවන්ත අංකය : 17
මම අනික් අයගෙ විස්තර නම් හරිද කියන්න දන්නෙ නෑ. ඒත මගේ ගැන කියපු ඒව නම් සේරම ඇත්ත කියල කියන්න පුළුවන්. මේක පිටිපස්සෙ ඇත්තෙ මොකක් හරි ගණිතමය සංකල්පයක්. ඒත් කතාව නම් ඇත්ත කියල තමයි මට කියන්න තියෙන්නේ..
ඔයාලටත් තම තමන්ගෙ අනාවැකිය බලා ගන්න පුළුවන් මෙන්න ලින්ක් එක
http://www.geek.lk/plugin/page/mylife?n&d=2&m=9&x=234987293847029580295

Saturday, 5 October 2013

දැන් ඔහොම පිස්සු නැටුව ඇති මචෝ...!



˝මචං මට උඹේ පරණ යාළුවෙක් ගෙන් කෝල් එකක් ආවා˝... කසුන් වෙතට පැමිණි මම ඒ බව කියන්නට විය. මචං කසුන් උඹේ සදාදරණීය ප්‍රේමවන්තිය පියුමි කෝල් කරල ඇහුව උඹට දැන් කොහොමද හොදින් ඉන්නවද කියලා. මම ඉතින් කිව්ව උඹ ශේප් එක් ජීවිතේ ගැට ගහන් යනව මේ දවස් වල පොඩ්ඩක් එක්සෑම් එකට පාඩම් කරනව කියලා. මේ ගැන කියා කට ගන්නටවත් වෙලාවක් නැති තරම්ය කසුනාගේ මූණ පුරා කදුළු බේරෙන්නට විය. මම පියුමිට කීවේ බොරුවකි. කසුනා දැන් මාස ගානක ඉදල හරියට පොතක් අතින් අල්ලන්නේ නැත. උදේ ඉදන් හවස් වෙනකම් සිගරට් කොට උරමින් පුළුවන් හැම වෙලාවකම අරක්කු බිබී නිකරුනේ ජීවිතය නාස්ති කර ගන්න හදයි. ˝මොනව උනත් මූ සිරාවටම මේ කෙල්ලට Love කරලා˝ මම මටම කියාගන්නට විය.


˝මචං මම ඒකිට සිරාවටම Love කරා බන්...ඒකි මාත් එක්ක යාළුවෙලා ඉන්නෙ නමට කියල දැන දැන්ත් මම ඒකිය සිරාවටම Love කරා බන්..මම කෙල්ල හැරෙනකොට දැන ගත්ත මට වෙන්න යන දේ. ඒත් මම එයාගේ ලස්සන කතා වලට රැවටුනා බන්..එයා මාත් එක්ක කතා කරනකොට කියන දේවල් වලට..අපි දෙන්න මවපු හීන ලෝකෙක මම තනියම අතරමං උනා..කවද හරි හැදෙයි කිය කිය මමත් මගේ හිත රවට්ට ගත්ත බන්.. ඒකිව විශ්වාස කරපු එක තමා බන් හරහට හිටියේ...˝ කදුළු වැගිරෙන දෑසින් කසුනා මට කියන්නට විය. මේක දැකපු අනික් ඇවුන් කසුනා වටේ set වී  ˝ මචං  මොකද සීන් එක කිය කිය අසයි˝. සාමාන්‍යයෙන් කොල්ලෙක් ප්‍රසිද්ධියේ අඩන්නේ ඉතා දැඩිව අසරණ වූ විටය. ඒක නිසා මම අනික්  උන් ටික ශේප් කරන්නට විය. ˝මචංන්ලා කසුනගෙ කෑල්ලගෙ පොඩි සීන් එකක් උඹලට පස්සෙ කියන්නම දැන් මූට පොඩ්ඩක් තනියම ඉන්න දීපන්˝ යැයි පවසමින් අනික් උන් ටික යවන්නට Try කලේය.


අනික් ඇවුන් ගිය පසු මම නැවත කසුන්ව සනසන්නට විය.˝මචං ඕව ගනං ගන්න එපා බන්..මම දන්නව උඔ පියුමිට සිරාවටම Love කරා කියල බන්..එත් අපි හැමෝම දැනගෙන හිටියා ඒකි උඹට ඔය ටික කරනව කියල බන්..මම උඹට කිව්වෙ කරන දෙයක් පරිස්සමින් කරපන් කියලා..දැන් මම කියන්නෙ බන් උඹ ඕක අමතක කරල දාපන්..එක්සෑම් එකට මාසයක්වත් නෑනෙ බන්..ඔය කෙල්ලව අමතක කරලා බොන එක පැත්තකින් තියල යමං පාඩම් කරන්න..උඹට බැරි ඒව කියල දෙන්න හොද කුප්පි ටිකක් සෙට් කරල දෙන්නම්..ඊට පස්සෙ මමත් එන්නම උඹ කියන දෙයක් කරන්න.. දැන් ඔහොම පිස්සු නැටුව ඇති මචෝ..˝  මම කසුන්ගෙ Moral අප් කරන්නට විය.  නමුත් ඉන් පලක් නොවන බව මම හොදටම දැනගෙන තිබුනි. එත් යාළුවෙක් විදියට කල යුත්තේ එය යැයි මට වැටහිනි. නමුත් දැන් පෙරහැර ගොස් අවසානය. කසුනාගේ ජීවිතය ආයෙත් හදන්න පුළුවන් පියුමිට සමාන කෙල්ලක්ට විතරයි. මට එය වැටහී ගොස් ඇත. නමුත් ඒවා හරියන වැඩ නොවන බව මම දනී.

˝මචං මට පියුමිට කොල් එකක් අරන් දියන්. මට අහන්න ඕනේ ඇයි මාව දාල ගියා නම් ඇයි තාම මං ගැන හොයන්නෙ කියලා..උඹ දන්නවනේ බන් ඕව මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා..පියුමි හැමදාම මගෙන් ඇහුවෙ එයා දාල ගියොත් මම මොනවද කරන්නෙ කියලා..මම එතකොට කිව්වේ දාල ගිහිල්ලම බලන්න කියලා...සමහර විට ඒක වෙන්න ඇති බන් කෝල කරල අහන්නේ..˝ කසුනා නැවතත් සෝක Mode ON කරගනිමින් කතා කරන්නට විය.

˝අනේ මේ කසුනො පිස්සු කියවන්නෙ නැතුව හිටපන්..පියුමි දැන් ඉන්න කොල්ල එක්ක සතුටෙන් වෙන්න ඇති බන් ඉන්නේ..උඹ ඒකිට ඇත්තමට ආදරේ නම් ඒකිගෙ සතුට වෙනුවෙන් කතා නොකර හිටපන්..මම දන්නව උඹ එකිට තාම ආදරේ කරන ගතිගුණ ඒකි ගාව තියනව කියලා..ඒත් පියුමි කියන කෙල්ලට උඹව විහිළුවක් වෙලා ඉවරයි බන්..˝ පවසමින් මම කසුනා සමග බෝඩිමට එන්නට සැරසුනි.


˝ඒ බන් මට පොඩි උදව්වක් කරපන් මට කට් උන Lectures  ටික ගොඩ දාල දියන්..මම කොහොම හරි හොද ජොබ් එකක් ගන්න වැඩ ටික කරොත් මට පියුමිට හොද උත්තරයක් දෙන්න පුළුවන්..නැතුව වැඩක් නෑ බන්.. මට දැන් අද ඒක හොදට තේරුනා. තව එක්ක මාත් එක්ක එක සිගරට් එකක් බොන්න යමං˝

˝අඩෝ බොක්කෙන්ම උඹට තේරිලා නම් එළකිරි..එකෙන්ම මම උඹව ගොඩ දාල දෙන්නම්..අනිත් එක මචං තව දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ආස නම් ඔය සිගරට් එකත් නොබී බෝඩිමට යමං. කෙල්ලෙක් ගැන නෙමෙයි උඹේ ජීවිතේ ගැන හිතපන්..කෙල්ලව නම් කවුරු හරි මිනිහෙක් කැනදගෙන යාවී..ඒත් අපිට හොද රස්සාවක් නැතුව පාරෙ වේලි වේලි ඉන්න වෙන්නේ..˝ යැයි පවසමින් කසුනා සමග මම බෝඩිම බලා පිටත් වුණි.

(මෙහි නම් සියල්ල මනංකල්පිතය)

Saturday, 15 June 2013

ඔයා මට අයිති නෑ බානු


බානු අපි අද මීට්වෙමු.මට ඔයාගෙන් අහන්න වැදගත් දෙයක් තියනවා.
හොදයි සහන් මම ගෙදරට කැම්පස් එකට එනව කියල එන්නම්.
(දුරකතනය විසන්ධි විය)



කැම්පස් එකේ නිවාඩු කාලෙ නිසා ගෙදරට වෙලා සිටින්නට හැර වෙන දෙයක් කිරීමට නොහැකි විය.නිතර ඇද හැලෙන තද වැස්ස නිසා නිදිමත තරම් වෙන කිසිදු සැපක්ද නොවීය.ඒත් හොදම යාළුවෙක් කියූ දෙයක් නිසා මාගේ සිත බිදී ගොස් තිබිනි.වෙන කිරීමට දෙයක් නැත.මම මේ ගැන බානුගෙන්ම ඇසිය යුතුයැයි සිත කියන්නට විය.

ඇයි ඔයා මට වෙන බෝයි කෙනෙක් ඉන්නව කියල කලින් කිව්වෙ නැත්තේ.එහෙම කෙනෙක් ඉදලත් ඇයි ඔයා මට කැමතියි කිව්වෙ බානු ?...ඇයි කියල විතරක් මට කියන්න.මට අඩුම ගානේ එක දැන ගන්න වත් අයිතියක් නැද්ද කියන්න.මම ඔයාට කවදාවත් බොරු කරේ නෑ බානු.කවදාවත්ම නෑ.මගේ ඇස් දෙක දිහා බලන් මට කියන්න ඔයා ඇයි මට වෙන බෝයි කෙනෙක් ඉදලත් කැමතියි කිව්වේ.

අප දෙදෙනා අතර දැඩි නිහැඩියාවකි. බානුගේ දෑසින් කුඩා කදුලු කැට එකිනෙක වැටෙනු මට පෙනේ.නමුත් මට දැන් සත්‍ය වැටහී හමාරය.බානු මට බොරු කර ඇති බව නම් පැහැදිලිය. මෙසේ හඩමින් බානු කතාව පටන් ගන්නට විය. 

මට ඔයාට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ සහන්.මම ඔයාට තමයි ආදරේ.එයා මගේ ජීවිතේ පාලනය කරන්න එනව සහන්.මම ඒකට චුට්ටක් වත් කැමත් නෑ සහන්.චුට්ටක් වත් කැමති නෑ.එයා ඒ පාලනය කරන්නෙ මගේ නිදහස.මමත් ආසයි අනික් අය වගේ නිදහසේ සතුටින් ඉන්න.ඒත් එයා මට අරය එක්ක කතා කරන්න එපා අරක කරන්න එපා කිය කිය සීමා දානකොට මම කොහොමද සහන් එයාට ආදරේ කරන්නේ.මට දැන් ඕනෙ මේ සේරම වලින් අයින් වෙලා තනියම ඉන්න.ඒත මම ඔයාට හැමදාටම ආදරෙයි සහන්.ඔයා එයා වගේ නෙමෙයි.ඔයා මගේ නිදහසට ගරු කරනවා.මාව තේරුම් අරන් ඉන්නේ.

මටත් ඔයාට කියන්න තියෙන්නෙ ඔයා මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරා කියල විතරයි. අනික ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්න ගමන් තමයි මගේ ගාවට ආවේ.මම ඒකට කැමති නෑ බානු.මම චුට්ටකවත් කැමති නෑ අනුනගෙ දෙයක් බලෙන් උදුර ගන්න.ඔයා ආයෙත් එයා ලගට යන්න බානු.ඔයා මට අයිති නෑ. ඔයා එයා එක්ක සතුටින් ඉන්න.එයාට එයාගෙ වැරදි පෙන්නල දෙන්න.දැන දැන වැරදි කරන්න එපා. ඔයාට වරදින එකක් නෑ බානු.



වෙනත් දෙයක් කීමට තරම් මගේ සිත ශක්තිමත් නොවීය.මම අවංකව ආදරය කල මම මගේ පණ මෙන් සැලකූ කෙනා මට ද්‍රෝහිවී ඇත. ඇගේ අතේ වරදක් තිබේද නැද්ද යන්න මට කිව නොහැකිය.නමුත් ඇය මට අයිති නොවන බව මට හොදින් වැටහී ඇත.වෙන කිරීමට දෙයක් නැත.තවත් මෙතන ඉද ද පලක් නැත.
  
මම යනව බානු.
ඔයාට බුදු සරණයි !.

Saturday, 11 May 2013

ඔයා කවුද ?. ඔයා මාව දන්නව ද? (පලමු කොටස)

(මුලින්ම කියන්න ඕන මේක නිකන් ගොතපු කතාවක්. නම් ගම් සේරම මනංකල්පිත ඒවා.
මෙලෝ රහක් නැති එකක් වගේ.අනේ මන්ද මම ලියපු පලවෙනි කතාවනේ. තවත් බොලද ආදර කතාවකි.කාගෙ කතාවද කියල අහන්න එපා...!)

වෙසක් සිසිලස පරිසරය පුරා පැතිරෙන්නට පටන්ගෙන තිබුනි.දැඩි අව් රශ්මිය වෙනුවට විටින් විට මද වැසි ඇද හැලුනි.
බෝඩිං ජීවිතයෙන් වෙන්වී ලැබුනු දිගු නිවාඩු කාලය සුවසේ ගත කිරීමට සිතා මම කොටුව දුම්රිය ස්ථානයට ඇදෙන්නට විය.
දුම්රිය පැමිණීමට තව පැයකට වඩා ගතවේ.නමුත් මටත් මගේ යාළුවාටත් කාලය ගෙවා දැමීමට ක්‍රමයක් නැත.යාළුවාගේ මගේ
බොක්කෙ ෆිට් එකකි. එකපාරටම අරූ කතාව පටන් ගන්නට මුල පිරීය.


හිරුණ : මචං නිපුන උඹට දැන් අර උඹේ පරන ලව් එක       මැසේජ් කරන්නෙ නැද්ද? යාළුවා කතාවට මුල පුරන්නට විය
නිපුන : නෑ බන් චානි මට අවුරුද්දට විෂ් එකක් දාල තිබ්බා ඔන්න මාස ගානකින්.
හිරුණ : සිරාවට උඹ මෙහේ ආපු කාලේ උඹත් එක්ක නිතරම කතා කරානේ...මොකද එක පාරටම කෙල්ල වෙනස් උනේ
නිපුන : අනේ මන්ද බන්..කෙලේලො මේ හොදට ඉන්නවා ටිකකින් වෙනස් වෙනවා මට නම් හිතා ගන්න බෑ..!
හිරුණ : ඕව ඔහොම තමයි බන් මේ මම වගේ එක කෙල්ලෙක් වත් ගැන හිතන්නෙ නැතුව හිටපන්...
කාරණය නම් සැබෑය පොර කිසි දිනයක මා සමග කෙල්ලෙක් ගැන කතා කර නැත. මූට ජීවිතේ හොදට තේරෙනවද කොහෙද...මම මටම කියා ගන්නට විය. නමුත් මගේ සිත දැඩි ලෙස දුක් වන්නට විය.
අපරාදෙ බන් මම අවුරුදු ගානක් හිතෙන් ට්‍රයි කරලත් මම මගේ හිතේ තියන එක චානිට කියා ගන්න බැරි උනා බන්. මොහොතක් නිහඩව සිටි මම නැවත කතාව ආරම්භ කලේය.
නැවතත් අප අතර දැඩි නිහඩ බවකි.දෙදෙනාට දෙදෙනා මුකුත් කතා කලේ නැත.නමුත් මම සිතින් දැඩි ලෙස කම්පා වීමට පටන් ගත්තේය.කුඩා උල්පතකින් විශාල ගංගාවක් ගලන පරිද්දෙන් ඇගේ මතකයන් මාගේ සිත තුලට ගලා එන්නට විය.
මට චානි ගැන මුල්ම මතකය අවදි වන්නේ අප පොඩි කාලේදි ටියුෂන් පන්ති වලදී නිතර දැකීමය. නිතර නිතර අපි එක පන්ති වලට ආව නිසා පොඩි දැන ඇදිර  ගැනීමක් තිබුනි.
ඒත් කිසි දිනක අප කතා කර තිබුනේ නැත.කාලට ටික ටික ගෙවී යන්නට විය.අපද වයසින් මෝරන්නට විය.ඒත් කිසි දිනක චානිත් මාත් කාතා කර තිබුනේ නැත.අපි එකට
මුන ගැහුන විට කරන්නේ සිනාසී අහක බලා ගැනීම පමණි.දැන් නම් ඉවසුවා හොදටම ඇතිය.මම කොහොම හරි චානි සමග කතා කල යුතුය.මගේ සිත තුල මෙවන් සිතුවිලි
පියාඹන්නට විය.නමුත් කරන්නට කිසිම දෙයක් නැත.කට කොතරම් දෙඩෙව්වත් සිත එතරම් එඩිතර නැත.මන්ද සිතේ ඇති අදහස පැවසීමට නොව පැවසීමෙන් පසුව ඇතිවන
ප්‍රතිඵලය භයංකාර නිසාවෙනි.දිනය නම් නිච්චි නැත.නමුත් මා O/L ලියා ගෙදර ඉන්නා අවධියේය.ඕන රෙද්දක් කියා චානිගේ ගෙදර ටෙලිෆෝන් එකට ඇමතුමක් ගන්නට විය.

“හලෝ චානි ඉන්නවද?“ තරමක් සියුම් කටහඩකින් මා ඇසුවේය.
ඔව්, චානි තමයි කතා කරන්නේ. (මේක නම් පුදුමයකි.දෙවියො වරමක් දුන්නා සමානය)
ආහ් චානි මම මේ නිපුන කතා කරන්නේ.
ආහ් නිපුන. ඉතින් කොහොමද? (කෙල්ල කතා කරන්න කිසිම බියක් නැත.)
මම හොදින් චානි. ඔයා A/L වලට මොනවද කරන්නේ? (අසන්නට දෙයක් නැතුව මෙන් මම ඇගෙන් ඇසුවේය.)
මම Commerce කරන්නෙ නිපුන.ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ. (මේක නම් ආශ්චර්යයකි.මමද Commerce කිරීමට බලාගෙන සිටි අයෙකි.)
නියමයි නේ.මමත් Commerce. ඔයා ක්ලාස් යන්නෙ කොහේද?
මම තාම එක කලාස් එකටයි ගියේ නිපුන.යන්න ඕනේ, තාම ෂුවර් නෑ.
මමත් තාම හරියට කලාස් වලට ගියේ නෑ.බලමුකෝ තව කල් තියෙනව නේ.
“දෝනී කවුද කතා කරන්නේ...“ ඒ නම් චානිගේ අම්මා විය යුතුය.
කතා කරපු පලවෙනි දවසෙම ගෙදරට අහු වේවිද? මගේ සිත හොල්මන් කරන්නට විය. අහු උනොත් නම් ඉදල හමාරය.
චානිගේ තාත්තා මතක් වෙනකොටත් බය සිතේ.
නමුත් හදිසියේම මගේ මතකයට බාධාවක් එල්ල විය.
“මචං නිපුනයෝ අන්න කොච්චිය එනව කිව්වෙ අනිත් platform එකට.තෝ මොනවද කල්පනා කරන්නෙ ඔය ෆොන් එක දිහා බලන්.“
හිරුණයා බෙරිහන් දෙන්නට විය. කාරණය සැබෑය මම කල්පනා සාගරයේ ගිලී සිට ඇත.
චානිගේ මතකය මොහොතකට නැති විය.මිනිස්සු සමග හැප්පෙමින් අනෙක් වේදිකාවේ නතර කල දුම්රියට ගොඩවීමට මම හිරුණ සමග ගියේය.
තවත් චානි ගැන හිත හිතා හිටියොත් මට ඈ අහිමි වූවාසේම අද ගෙදර යෑමටද නොහැකි වනවා නිසැකය.

ඉතිරි කොටස පසුවට ලියමි.......!

Thursday, 10 January 2013

☻ යාලු Fit එක ☻

ඉතින් මම කිව්වනේ මට වෙන හොඳ හොඳ වැඩ කියල මේකේ කොටන්නේ...මේකත් ඉතින් මට උන ඒවගේ වැඩක් ..... ඔන්න ඉතින් දැන් මම SLIIT එක පැත්තේ ඇවිල්ල ටිකක් දවස් වෙනවා.....අර කතාවක් තියනවා නේ එකවගේ අවුන් එකටම සෙට් වෙනවා ....

අන්න ඒ වගේ වැඩක් තමයි මටත් වුනේ..ඇවිල්ල වැඩි දවසක් නෑ මටත් අයෙත් සුප්පා යාළුවෝ සෙට් එකක් සෙට් උනා ...




අයෙත් උන් ගැන නම් කියල වැඩක් නැ ...පට්යි...ඕන වැඩකට කියාපු අවුන් ටිකක්...බොක්කවල් ටිකත් පට්ට clean...හැබැයි  එක එක්කෙනා එක එක පළාත් වල dial..එකෙක් නාත්තන්ඩිය පැත්තේ ( මූ ගැනනම් නොකියම බෑ ). මේ පොරට පට්ට moral  අයෙත් කිව්වොත් වැඩක් defa කරනවා ( රාත්‍රී කාලයේදී නින්ද නොයන ගතියක් තියනවා )...ඉතින් පොරට නම වැටුනේ Ferari කියල..මොකද පොර ඒ තරමටම pick - up ...තව ඉතින් Guitar කරේ තියාගෙන ඉන්න,lectures  වලට Badminton Racket අරගෙන එන (පොත් පත් නැතුව) ,SLIIT  එකේ මුර සේවයේ වැඩ කරන (මුර කියන්නේ පොර හැම වෙලාවේම මේක අස්සේ ඉන්නේ ),ඕනම ගැහැණු ළමයෙක් සමග සටස් ගාල කතා කරන්න පුළුවන් "මල් කා*න්ද (vi) " වගේ පට්ටම සෙට් එකක් එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ...ඒ අතරේ ඉතින් මම කරන එක එක ගොන් වැඩ වලින් දවසින් දවසට එක එක Card තමයි මට නම් වැටෙන්නේ...මේ දවස් වල නම් කියන්නේ Window පොඩ්ඩා කියලා..


මොනවා කිව්වත් මොනවා කරත් මේ ගැන්සිය කන්නේ බොන්නේ,පාඩම් කරන්නේ,fun එක ගන්නේ එකට ..එක තමයි සුපිරිම මෙව්වා එක..



තව ඉතින් මතක් නොකරම බැරි සෙට් එකක් ඉන්නවා ඒ තමයි අපේ හොරු කල්ලිය ( Drama සෙට් එක කියලත් දන්නවා ) එකේ ඉන්නවා අයෙත් ආදරේ සම්බන්දව උපදෙස් ගන්න සිරාම Love ගුරාල සෙට් එකක්..පට්ටයි අහ්හ් ...මේ සෙට් එකේ කොල්ලෝ ටික අයෙත් එක වගේ හොල්ලන්න බෑ ගල් ගැහුවත්...( හොර කල්ලියක් ලු නේ )..කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා...අහ්හ් සොරි මේ අලයා දන්නේ ( කෙල්ලොන්ට ද කොල්ලොන්ටද සිතමින් ?? )
...

එති පොඩ්ඩා මේ යාළුවොත් එක්ක පට්ටම fit  එකෙක් SLIIT  Life එක පට්ටම සතුටින් ගෙවනවා..



කියන්නත් අමතක උනා අර හිතට රිංගපු ගැහැණු පරානේ මේ දවස් වල පොඩ්ඩක් හොයා ගන්න  බහ දෙන්න..කොහේ ගිහිල්ලද මන්ද...මොනවා උනත් තව සති 4කින් විතර Mid Term Exam කියල මගුලක් තියනවලු....එකටත් පාඩම් කරන්න ඕන ...නැත්නම් ඉතින් ගෙදර ගිහින් ඉවරයි නේ...

නම් එහෙම දාපු නැති කට්ටිය ටිකක් ඉන්නවා...(අපේ අර බෝඩිමේ ඉන්න හොරට සරිගම කන එකා එහෙම ) මුන් ටික ගැන විස්තරයක් පස්සේ කියන්නම්  ;)
 

අදට මගේ කතාව මෙතනින් අවසානයි කියෙව්ව ඔබ සැමට තුති :P

Saturday, 5 January 2013

☻ අවසරයි මාගේ බොලොක්කය ලියන්නට ☻

මටත් හිතුන ජීවිතේ වෙන එක එක සුන්දර දේවල් බෝලොක්කෙක කොටන්න...ඉතින් අවසරයි ඒ මහා මොංගල් කාර්යය කරන්නට...

කියන්න ජීවිතේ ගොඩක් සුන්දර අසුන්දර කතා තිබ්බත් මම අද ඉඳල තමයි මේක කරන්න පටන් ගන්නේ...ඉතින් මම මේ කාර්යට ඔයාලගේ ආශීර්වාදය බලාපොරොත්තු වෙනවා..!
 

දැන් ඉතින් පොඩ්ඩ කිව්වට පොඩිම නෑ...Undergraduate කෙනෙක්...LOL...ගොඩක් බලාපොරොත්තු මැද්දේ කොල්ල ඉතින් මාලබේ තියන SLIIT එකට අවා  Degree  එකක් ගන්න...ඉගෙන ගන්න හිතාගෙන අවට ඉතින් මේ පැත්තේ විනාස වෙන්න  යන්න තියන අවකාශය ගොඩක් වෙඩි බව දැන් පොඩ්ඩට තේරිලා තියෙන්නේ...මොකද නිතරම පෙන්න තියෙන්නේ හිත වෙනස් වෙන සාදක...ඉතින් කොහොම හරි ඔය කියන එක සාදකයක් පොඩ්ඩාගේ ඔලුවට හෙමිහිට ඇතුළු වෙලා හමාරයි..

පොඩ්ඩාට  මේ දවස් වල පොඩ්ඩක් හිතට අවුල්....මේ කොහෙද යන ලස්සන ගැණු  ළමයෙක් මේ අහිංසක පොඩි එකාගේ ඔලුව ඇතුලේ හොල්මන් කරනවා...මොනවා කරන්නද ඉතින් මේක කොච්චර කිව්වත් අහන්නෙම නෑ ...එක ගැනමයි කල්පනා කරන්නේ...මේ ලියන ගමනුත් හොරට එක එක Game  Plan  ගහනවා මොනවද මේකට කරන්නේ කියල ( මේකටනම් ආශිර්වාදය එපා :P  )....එත් ඉතින් අපරාදේ කියන්න බෑ  පොඩ්ඩාට හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා හිත හදන්න..ඉතින් මේ සේරම ඒවා පොර ඒ අයට තමයි කියන්නේ...ඉතින් කොහොම කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් බලාගෙන මේක ඔහේ වේලි වේලි ඉන්නවා...!
 
එත් ඉතින් අපු වැඩේ (ඉගෙන ගන්න එක) 1st කියල හිතාගෙන උපරිමෙන්න වැඩේ  කරන්න හිතා  ගන්නවා ... කිව්වට ඉතින්  හොරට පොඩි පොඩි වැඩ ටිකක් කරනවා ( ශ්හ්හ් )


ස්තුතියි ...!